සිතිවිල්ල පවතින තැනෙහි බලය සොයාගත හකිය
ඔබ පරාජය වේයැයි සිතුවොත් එය එසේමය
පරාජය නොවෙතියි ඔබ අභීතව සිතුවොත්,
ඔබ පරාජය නොවෙති.
දිනන්නට කමති වුවද එසේ කරන්නට බැරියැයි
ඔබ සිතුවොත් ඔබ පරදී සිටිති.
එසේ කීමට හේතුව?
ලෝ දහමින් අපට දක්නට ලැබෙන්නේ
සර්ථකත්වය ආරම්භවන්නේ
කෙනෙකුගෙ අදිටනින් වීම බවයි.
සියල්ල පවතින්නේ මානසික තතවයේය
තමා පරාජය කරන ලදැයි සිතුවොත්
එය එසේමය.
එසවෙන්නට නම් ඉහලින් සිතිය යුතුය
කවරදාකහෝ තැග්ගක් දිනාගන්නට කලින්
ඔබ ඔබ ගැනම නිසැක විය යුතුය.
ජීවිතයේ සටන් නිරන්තරයෙන්ම
වඩා වේගවත් හා වඩා ශක්තිමත් මිනිසා විසින්ම
ජයගනු නොලැබේ
ඉක්මනින් හො පමා වී හො දිනන මිනිසා වන්නේ
තමට හකියැයි සිතන මිනිසාය.
උපුටා ගැනීම
ජනක අබේවර්ධන ගුරුපියානන්ගේ සටහනකිනි.

No comments:
Post a Comment