Thursday, June 30, 2011

නික්මයාමට පෙර...






හැරී බැලුවෙමි ආමග...
සිනාසෙන මුහුනු බොහොයි...
එයම සතුටකි සිතට...
මෙයයි මා ආ මගවල් අතර
මා නිරායසයෙන්ම පියනැගු මාවත,

සිනාසුනු කතාකෙරු උදවු උනු නන් දනන් අතර
ගෙවි ගිය වසරතුල හදිනුවෙමි පහන් සිත් අති මිතුරන්.

උගත් පඩම් බොහොයි ලැබු දැනුමුතුකම් බොහොයි
ලද නොලද දේවල් වලට වඩා...
හදිනගත් හදවත් වටීයි

හිදින් මුතුරනි වෙන්ව යන්නට මොහොතකට පෙර
පතන්නෙමි ඔබ සැමට සතුට සැනසුම බොහෝ අයුෂ.

මම නතර වී සිටිමි. ඔබ නතර වන්න..


මා නතරවුනි..


සිතිජයේ හිරු ගිලින සයුරු ඉමේ මැවෙන සිතුවමක
හුදකලා වුයෙමි අවරගිර කලුවරට ආවඩද්දි..
සේලයක් සේ අවුත් ගතට කිතිකවන
සිහිල් කරදිය සුළන් මිහිරිද කොතරම් සිතට,

හොරෙන් විත් පාදොවන පබලුවන් දිය රලක
මෙතරම් සුමුදු වැලි කොයි ලෙසක පබැදුනිද
මොරදිදි දගකරන මහා ‍රැලි තර අතර
මගේ හිත නිසලවී නතර වුයේ කෙලෙස..