නුඹෙන් දුරස්වී කිරි සිනා මතක් වී....
සියුම් සිනිදු මුතු පිනිබිදු හොවා සිඹින මගේ කම්ව්බුල
හඩයි සෙමින් ගී ගයා රීදුම් දී...
පහන් රැයක ඝන කලුවර වසා සිටිද්දී
හිරුත් නිදන තරු නොනිදන වළා අහක් වී..
නුඹ අරන් ආවේ සඳ පිනිදිය ලොවම නිදද්දී
අපේ ලොවට සහන් එලිය දුවේ දහම්දී...
මුවින් සිගිති කවි පද පොඩි කතා කියද්දී
ලගින් හිටියෙ නැතත් නුඹේ සෙනෙහේ දැනෙද්දී
පියෙන් පියට පියගැටපෙල නැග හිනහෙද්දී
බලා හිදිමි මඟ කෙලවර නුඹේ අප්පච්චී...