ජීවිතයේ මහා පියගැටපෙල පමුල
ඔබේ පුන්චි මුනුපුරා වී සිටි හැටි අදවගේ මට දැනේ.
මෙතරම්ම් උස පඩි නගින්නට පියවරෙන් පියවර ගොසින්,
ඔබ ඉගැන්වූ හැටි..
තවම මට මහමෙරක් ඒ ඔබේ ආදරේ
මගේ අදරණීය සීයේ...
ඔබෙ ළයේ උනුහුමට නිදාගත් බාලවිය
ඔබෙ අගේ කැත කෙරු නොතෙරුන් ළමාවිය
ඔබෙ අතේ එල්ලිලා ගමන්ගිය ජීවිතය
මගෙ හිත සද එලිය සේ මට දැනේ අද
මා සිනාසෙන හැටිබලා සිනාසුනු ඔබෙ සිත
මගෙ කදුළු කැට අරන් දුක තියා ගත්තු ඔබ
ඔබෙ සිනා දක්කින්නට මා ළගම නැතෙ අද
ගොලුවෙල මුලු හිතම එ කදුල වැටේ අද
හිස්ව තිබු හිත් අහස පහන් කෙරු හිරු එලිය
රළු පොළව සුමට කර සාර කෙත් වතු කෙරු ඔබ
ඒ එලියෙ විදින්නට අස්වැන්න දකින්නට අද නැතේ අප අතර
නමුදු එ උතුම් හිත අදරේ නොයයි කිසිදා අප අතැර
රුදුරු මිනිසුන් අතර මනුදමේ අගය කියු
ඒ මගෙ ගමන්කර දිනන හටි උගැන්වු
ජීවිතේ සිප්සතර මිනිස්ගුණ ක්රියයාවෙන් කියාදුන්
ඔබේ හිත පිරුනු එ නොනිමි පිය සෙනෙහසට
පුදන්නට මා සතුව නැතේ කිසිම වටිනා දෙයක්
මගෙ දිවි ඔබෙලග පාපිසින වලිපොදක් තරම් මට
මගේ ආදරණීය සීයේ...
මගේ ආදරණීය සීයේ...




