Thursday, September 17, 2009

මා අදරණීය සීයා

රුදු සුලන් මහ මේඝ වරුසා මැද
අකුණු සැර මහහඩින් ගිගුම් දෙන කල
මහමෙරක් සේ නොසලී හිද
සෙනෙහසින් සීනා සුනු හැටි ඔබ..

අඟ හිඟ කම් කටොළු කේවල් කලදා ජීවිතයට
හීතේ වීරිය කදුළු දහඩිය රන් වලට හරවා
අපේ කුසගිනි නිවූ රත්තරන් හදවත ඔබේ
මහ වීරිය දහම් පුරනා බෝසතුන් සේ දැන් මට

කුරිරු මිනිසුන් මැද තවත් එකෙකුන් නොවී
හිතතට එකඟව මනුදමින් ජීවිතය ගෙවුමට
ඔබෙන් උගනෙමි උතුම් පාඩම
මිනිස්කම කරුණාව නිම් නැති දයාබර සෙනෙහසට ඔබෙගෙ
ජීවිතය ඇහිපිල්ලමකි මට මගේ අදරණීය සීයේ