Wednesday, February 4, 2015




ආවාදෝ සංසාරේ මා හා බැඳී
සැමදා පෑහී මාගේ සෙවනැල්ල සේ..

"තන්හාව සෙවනැල්ල වගේ බැදිලා සංසාරේ මිනිසාව එක්කගෙන යනවා"

ඔරුවක් පා වුණා පාලුවේ සාගරේ
තොටියෙක් යැ වුණා සීරුවේ සීතලේ
මිහිරේ ගී ගැයුණාවේ
තනිය නසා - තනිය නසා

"සංසාර සාගරෙන් එගොඩ වෙන්න බැරුව ඉදිද්දී ධර්මය නැමති ඔරුව මිනිසා නැමති තොටියට හමුවෙනවා.
එ අතිවන චිත්ත ප්‍රිතිය තමයි මිහිරි ගී ගැයුනා කියනේ.
ධර්මය හමුවීමෙන් මිනිසාගේ ලොකොත්තර තනිය නැසෙනවා"

කතරේ වාලුකා පෑයුමෙන් වේලුනා
වැහැලා ඒ බිමේ මී මලක් පීදුනා
සිහිල ලබා සිහිලැල්ලේ
නිවී ගියා - නිවී ගියා

"ජීවිතේ නැම්ති දුක් කාන්තාරේ වේලි වෙලි (දුක් විද විද හිටපු) මිනිසා
ධර්මය නැමති වැස්සෙ වටිලා සිත නිකකලෙස් වෙනවා (එ කියන්නේ ධර්මාවබෝධය කරනවා)

තවදුරටත් පැහැදිලි කරනවා නම් කෙලෙස් කාන්තාරෙට සත්ධර්මය නැමති වැස්ස වටිලා
නිකලෙස් බව නැමති මී මල පීදෙනවා

ධර්මයේ සිහිලැස විදිනවා නිවී යනවා (නිවන් දකිනවා)"

මං විස්වාස කරනව මහින්ද දිසානයකයන් මේ පදලියද්දි ඔහුගේ සිතේ මේ අරුතත් ‍රැදෙන්න ඇති කියලා..

ගී පද මාලාව: මහින්ද දිසානායක
සංගීතය: විශාරද ගුණදාස කපුගේ
ගැයුම: විශාරද ගුණදාස කපුගේ