සිතිජයේ හිරු ගිලින සයුරු ඉමේ මැවෙන සිතුවමක
හුදකලා වුයෙමි අවරගිර කලුවරට ආවඩද්දි..
සේලයක් සේ අවුත් ගතට කිතිකවන
සිහිල් කරදිය සුළන් මිහිරිද කොතරම් සිතට,
හොරෙන් විත් පාදොවන පබලුවන් දිය රලක
මෙතරම් සුමුදු වැලි කොයි ලෙසක පබැදුනිද
මොරදිදි දගකරන මහා රැලි තර අතර
මගේ හිත නිසලවී නතර වුයේ කෙලෙස..
No comments:
Post a Comment